හානි වු ප්‍රදේශ පිළිසකර කරන්න එස් ටී එෆ් 1200 ක්

ගංවතුරින් සහ නාය යාමට ලක්වූ ප්‍රදේශ නැවත පිළිසකර කිරීමේ කටයුතුවලට සහායවීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් 1,200 ක් පමණ යොදවා ඇත.

පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් පරිදි පොලිස් විශේෂ කාර්ය බළකාය අණ දෙන  නිලධාරී සමන්ත ද සිල්වා මහතාගේ මෙහෙයවීම මත අවතැන් වූ ජනතාව යළි නගා සිටුවීමේ සහන සේවා සිදුකෙරේ.

ඒ අනුව හංවැල්ල, කඩුවෙල, ජාඇල, ගම්පහ, බදුල්ල, මහනුවර, කොත්මලේ, නුවරඑළිය ඇතුළු ගංවතුරෙන් සහ නාය යාමෙන් ආපදාවට ලක් වූ  ප්‍රදේශ නැවත පිළිසකර කිරීමේ කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතී.

කැලණි ගඟ ආශ්‍රිතව ගංවතුරෙන් යටවූ ප්‍රදේශවල නිවාස පිරිසුදු කිරිමේ කටයුතු පොලිස් විශේෂ කාර්ය බළකාය නිලධාරීන්ගේ මූලිකත්වය යටතේ සිදු කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *