බදුල්ලේ ගමන් කළ හැකි සියලු මාර්ගවල බස්ධාවනය ඇරැඹෙයි

බදුල්ල දිස්ත්‍රික්කයේ බස් ගමන්  කළ හැකි සියලුම මාර්ගවල බස් රථ ධාවනය  යළි ආරම්භ කිරීමට පියවර ගත් බව ඩිපෝ  බලධාරීහු පැවසූහ.

දිට්වා  සුළි කුණාටුව සමග බදුල්ල  දිස්ත්‍රික්කයේ ප්‍රධාන මාර්ග ඇතුළු මාර්ග 165  ක් පමණ   විනාශ වී තිබූ අතර ඉන් එකසිය එකොළහක පමණ  යළි ප්‍රතිසංස්කරණය කර ඇති බවත් අදාළ  සියලුම මාර්ග වල බස් ධාවනය යලි  ආරම්භ කිරීමට සැලසුම් කළ බවද ඩිපෝ බලධාරීහු  පැවසූහ.

මේ  වන විට ඇටම්පිටිය වැලිමඩ, බදුල්ල ස්ප්රින්වැලි, මඩොල්සිම මැටිගහතැන්න, පස්සර නමුණුකුල, ගලඋඩ වාසනාගම, පස්සර ලුණුගල   යන මාර්ගවල  පිලිසකර  කිරීමේ කටයුතු තවදුරටත් සිදුවෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරිය පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *