හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර සම්බන්ධයෙන් පියවර ගැනීමට පක්ෂ නායක රැස්වීමක් අද…

පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයින් අද රැස්වීමට නියමිත අතර එහිදී පසුගිය සභා වාරයේදී නීතිවිරෝධී ලෙස සභාව තුළ පාර්සලයක් රැගෙන ගිය බවට චෝදනා එල්ල වී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර සම්බන්ධයෙන් පියවර ගැනීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි.

නීතිවිරෝධී ලෙස පාර්ලිමේන්තු සභා ගර්භය තුළට පාර්සල් රැගෙන ඒම සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනාට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට ආණ්ඩුවේ ඇතැම් මන්ත්‍රීවරුන්ට අවශ්‍ය බව වාර්තා විය.

එසේම මතභේදයට තුඩු දී ඇති බදු අධිභාර පනත් කෙටුම්පත ඇතුළු ඇතැම් නීති විවාදයට ගැනීම පිළිබඳව ද පක්ෂ නායකයින් සාකච්ඡා කරනු ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

පාර්ලිමේන්තුව ලබන අඟහරුවාදා 2022 මාර්තු 8 රැස්වීමට බලාපොරොත්තු වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *