හරක් කටාගේ බිරිය අත්අඩංගුවට

මැලේසියාවේදී අත්අඩංගුවටගත් කෙහෙල්බද්දර පද්මේ සමඟ ඔහුගේ අනියම් බිරිඳ හා ඇගේ දරුවාද අත්අඩංගුවට පත්ව ඇතැයි තොරතුරු ලැබී ඇති බව ආරක්ෂක අංශ පවසයි.

මෙලෙස කෙහෙල්බද්දර පද්මේගේ අනියම් බිරිඳ ලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දැනට බන්ධනාගාරගතව සිටින හරක් කටාගේ නීත්‍යනුකූල බිරිඳ බව කියයි.

මැලේසියාවේ සිට තායිලන්තය බලා බෝට්ටුවකින් පලායමින් සිටියිදී ඔවුන් අත්අඩංගුවට පත්ව ඇති බව මාර්ග සඳහන් කරයි. ඔවුන් බෝට්ටුවක් මාර්ගයෙන් එරට සිට තායිලන්තය බලායෑමට සූදානම් වූ අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව  ආරංචි මාර්ගවලින් පැවසේ.

මේවන විටත් අදාළ පිරිස සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලිසියෙන් නිල වශයෙන් කරුණු විමසා ඇති අතර ඒ පිළිබඳව තොරතුරු ලැබුණු සැණින් කඩිනමින් ඔවුන් දිවයිනට ගෙන්වාගැනීමට කටයුතු කරන බව පොලිසිය සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *