හම්බන්තොට වරාය සන්ධිස්ථානයක් සමරයි

පෙරේදා (14) හම්බන්තොට වරායේ සිදුකෙරෙන සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වරායේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් දැනුවත් කර තිබේ.

2021 වසරේ දී හසුරුවන ලද රෝල් ඔන් සහ රෝල් ඕෆ් වාහන ලක්ෂ 5ක සන්ධිස්ථානයක් හම්බන්තොට වරාය අත්පත් කර ගැනීමත් සමඟ තම සංචාරය සමපාත වූ බව අග්‍රාමාත්‍යවරයා පැවසීය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය සංචාරය අතරතුර වරායේ ප්‍රථම බන්ධිත ගබඩා ව්‍යාපෘතියට මුල්ගල තැබීය.

Xinji Shenzhen Group සහ Ceylon Tyre Manufacturing Company විසින් පිහිටුවන ලද කර්මාන්තශාලාවල ඉදිකිරීම් ස්ථාන ද ඔහු විසින් නිරීක්ෂණය කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *