එන්නත අනිවාර්ය කිරීමට එරෙහිව නඩුවක් : සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා ප්‍රකාශයක් කරයි

ආසාදනය වීම වැළැක්වීම සඳහා කොවිඩ් 19 එන්නත ලබා ගැනීම අනිවාර්ය බවට සෞඛ්‍ය අමාත්‍යාංශය කිසිදු නීතියක් හෝ රෙගුලාසියක් නිකුත් කර නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් (DG) ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ දැනුම් දුන්නා.

වයස අවුරුදු 18ට අඩු පුද්ගලයින්ට කොවිඩ් එන්නත ලබා ගැනීම අනිවාර්ය කිරීමට රජය ගෙන ඇති තීරණය මූලික අයිතිවාසිකම් කඩ කිරීමක් බවට පවසමින් ගොනු කර ඇති පෙත්සම අධිකරණය විසින් සලකා බැලූ අවස්ථාවේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නීති නියෝජිතවරයා මේ බව ප්‍රකාශ කළේය.

මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැනිණි.

සෞඛ්‍ය සේවා DG හි නීති නියෝජිතයා පැවසුවේ එන්නත ලබා ගැනීමට අවශ්‍ය ඕනෑම පුද්ගලයෙකුට එය කළ හැකි අතර මේ සම්බන්ධයෙන් අනිවාර්ය රෙගුලාසි නිකුත් කර නොමැති බවයි.

වෛද්‍ය ධාරිනී රාජසිංහම් ඇතුළු තිදෙනෙකු විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර තිබුණි.

කොවිඩ් එන්නත ලබා ගැනීම අනිවාර්ය කිරීමට ගත් තීරණය නීතියට පටහැනි බවත් එවැනි නියෝගයක් නිකුත් කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට බලයක් නොමැති බවත් පෙත්සම්කරුවෝ කියා සිටිති.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් (DG) ගේ සාක්ෂිය සටහන් කර ගැනීමෙන් අනතුරුව නඩුව 2022 ජනවාරි 11 දිනට කල් තැබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *