හම්බන්තොට ලුණු ලේවායේ උණුසුම් තත්ත්වයක්

හම්බන්තොට ලුණු ලේවායේ සභාපති නිශාන්ත සදබරණ මහතා ලේවායේ සේවකයින් නොවන පිරිසක් සමග ඊයේ (18) පෙරවරුවේ ලේවාය පරිශ්‍රයට පැමිණ තිබුණි.

එම අවස්ථාවේදී පිරිස ඇතුළුවීම වැළැක්වීමට ලේවායේ ආරක්ෂක නිලධාරීන් කටයුතු කිරීමත් සමග ඇතිවූයේ නොසන්සුන් තත්ත්වයකි.

එහි සිටි එක් ආරක්ෂක නිලධාරියෙකුගේ සේවය අත්හිටුවීමට ලේවායේ සභාපති සඳබරණ මහතා එම අවස්ථාවේ පියවර ගෙන තිබුණි.

අනතුරුව අද පස්වරුවේ ලේවායෙන් පිටවන අවස්ථාවේ ලේවායේ සභාපතිවරයා ඇතුළු පිරිසට ආරක්ෂක නිලධාරීන්ගෙන් එල්ලවුණේ දැඩි විරෝධයකි.

එම අවස්ථාව CCTV කැමරාවේ සටහන්ව තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *