හපුතලේ පොලිසියට වසර 1928 කට පසුව ඉඩම් අයිතිය

හපුතලේ පොලිස් ස්ථානය පිහිටි ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩම පවරා ගැනීමට ශ්‍රී ලංකා පොලිසියට අනුමැතිය ලැබී තිබේ.

හපුතලේ පොලිස් ස්ථානය 1928 දී ආරම්භ කරන ලද්දේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් දුම්රිය රක්ෂිතයක් වන අක්කර 1, රූඩ්, සහ පර්චස් 9.8 ක භූමි භාගයක ය.

පොලිස් ස්ථානය පිහිටි ඉඩම මෙතෙක් විධිමත් ලෙස ශ්‍රී ලංකා පොලිසියට පවරා නොමැති නිසා පොලිසියට අවශ්‍ය නව ගොඩනැගිලි ඉදිකිරීමට හෝ ඒවා පිළිසකර කිරීමට නොහැකි වී ඇත.

ඒ අනුව එම ඉඩම ශ්‍රී ලංකා පොලිසිය සඳහා පවරා ගැනීම සඳහා මහජන ආරක්‍ෂක අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *