හදිසි ඖෂධ මිලදී ගැනීම සඳහා ලෝක බැංකුව ඇමෙරිකානු ඩොලර් මිලියන 10ක් ලබා දෙයි

හදිසි ඖෂධ මිලදී ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 10 ක කඩිනම් ප්‍රදානයක් නිකුත් කිරීමට ලෝක බැංකුව අනුමැතිය ලබා දී ඇති බව මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි.

ඊයේ රාත්‍රියේ රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් ඔහු කියා සිටියේ ලෝක බැංකු නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම අනුමැතිය ලබාදුන් බවයි.

හදිසි ඖෂධ සහ ගෑස් ඇතුළු අනෙකුත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා සති දෙකක් ඇතුළත ලෝක බැංකුව තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක් ලබා දෙන බවද ඇමැතිවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *