පිළියන්දල ප්‍රදේශයේ රාජ්‍ය හා පෞද්ගලික දේපළ කිහිපයකට අලාභහානි කළ සැකකරුවෙක් අත්අඩංගුවට…

ගිනි අවියකට සමාන අවියක් භාවිත කර, කිරිගරුඬ සහ ලෝහ පෙති භාවිත කර පෞද්ගලික සහ පොදු දේපළ විනාශ කළ පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා පිළියන්දල හා ඒ අවට ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක්, මුල්‍ය ආයතනයක්, ස්පා ආයතනයක්, පෙරපාසලක්, බස් රථයක් ඇතුළු වාහන දෙකකට ඇතුළු ආයතන 09කට අලාභහානි කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ගල්කිස්ස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ දම්පේ ප්‍රදේශයේදීයි.

ප්‍රහාර එල්ල කිරීම සඳහා යොදාගත් ගිනි අවි, විවිධ පෙති වර්ග සහ මෝටර් රථය ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරු තවත් පුද්ගලයෙකු සමඟ එක්ව සුඛෝපභෝගී වාහනයක් තුළදී දේපළ විනාශ කර ඇති ස්ථාන කිහිපයක CCTV දර්ශන සටහන් වී තිබෙනවා.

සැකකරු අන්තර්ජාලය ඔස්සේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන 34 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරු පිළියන්දල ප්‍රදේශයේ තම මිතුරෙකු සමඟ එක්ව රජයට විරෝධය දැක්වීම සඳහා ක්‍රියා කර ඇති බව ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇති බව පොලිසිය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *