හදිසි අවස්ථාවලදී කඩිනම් සහාය ලබාගැනීම සඳහා වැදගත් හදිසි සහ සහාය දුරකථන අංක කිහිපයක් ළඟ තබා ගන්නා ලෙස ශ්‍රී ලංකා පොලිසිය ජනතාවට දැනුම් දී තිබේ.
පොලිසිය විසින් අවධාරණය කර ඇති දුරකථන අංක මෙසේය:
- 119 – පොලිස් හදිසි ඇමතුම් අංකය
- 1984 – මත්ද්‍රව්‍ය විරෝධී හදිසි ඇමතුම් අංකය
- 109 – පොලිස් කාන්තා හා ළමා කාර්යාංශ සහාය අංකය
- 1929 – ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ Childline සේවාව
හදිසි අවස්ථා වාර්තා කිරීම, මත්ද්‍රව්‍ය සම්බන්ධ තොරතුරු ලබාදීම මෙන්ම කාන්තාවන් සහ ළමුන් ආරක්ෂා කිරීම සඳහා මෙම දුරකථන සේවා ඉතා වැදගත් බව පොලිසිය අවධාරණය කරයි.
අවශ්‍ය අවස්ථාවකදී කඩිනම් මැදිහත්වීමක් ලබාගැනීමට හැකි වන පරිදි මෙම දුරකථන අංක තම ජංගම දුරකථනවල සුරැක තබා ගන්නා ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.



