හදිසියේ අවශ්‍ය පිළිකා ඖෂධ ඇණවුම හදිසියේ අවලංගු කරලා– රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය

පිළිකා ඖෂධ 50ක් ආනයනය කිරීමේ ටෙන්ඩරයක් රජය විසින් හදිසියේ අවලංගු කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති රුක්ෂාන් බෙල්ලන සිකුරාදා කොළඹදී මාධ්‍ය අමතමින් පැවසීය.

මෙම තීරණය නිසා රෝහල්වල පිළිකා ඖෂධ හිඟය උග්‍ර වනු ඇතැයි ද හෙතෙම කීය.

“අඩුපාඩුවක් තිබුණු නිසා සෞඛ්‍ය අමාත්‍යාංශය පිළිකා ඖෂධ 50ක් කඩිනමින් මිලදී ගැනීමට ටෙන්ඩර් කැඳවුවා.

අමාත්‍යවරයා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊට අනුමැතිය ලබාදී තිබුණා. නමුත් බ්‍රහස්පතින්දා සමාගම් 30ක නියෝජිතයන් ඉදිරියේ ටෙන්ඩරය අවලංගු කළා.” ඔහු පැවසීය.

“බෙහෙත්වල බරපතල හිඟයක් පවතින නිසා ජනතාව දුක් විඳිනවා,” ඔහු වැඩිදුරටත් පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන්ගේ විරෝධය හේතුවෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව (SPC) විසින් ප්‍රකාශයට පත් කරන ලද ටෙන්ඩරය හදිසියේ අවලංගු කළ බව වෛද්‍ය රසායනාගාර විද්‍යා විද්‍යාලයේ (CMLS) සභාපති රවී කුමුදේශ් මහතා ඊයේ දිවයිනට පැවසීය.

පසුගිය මාස කිහිපය තුළ ටෙන්ඩර් ගණනාවක් ප්‍රකාශයට පත් කළ අතර පසුව නිලධාරීන් අතර ඇති වූ මතභේදයක් හේතුවෙන් ඒවා අවලංගු කළ බව ඔහු පැවසීය.

“අවලංගු කරන ලද ටෙන්ඩරය පරිපූර්ණ යැයි මම නොකියමි. නමුත් විරුද්ධ වූ අය එසේ කළේ හොඳ චේතනාවෙන් නොවෙන්න පුළුවන්.”

කුමුදේශ් පැවසුවේ ටෙන්ඩර් ලබා දීම පාලනය කරන අයට විශාල ලෙස පොහොසත් වීමට අවස්ථාව ඇති බවයි.

“ටෙන්ඩර් එනකොට බෙහෙත් කොම්පැනිවලට පෙන්නන්න නිලධාරීන් කන්ඩායම් අතර ලොකු කඹ ඇදිල්ලක් තියෙනවා. අවසානයේ දුක් විඳින්නේ ජනතාවයි.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *