හංවැල්ල පොලිසිය අසල කලබලයක්

විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයකු බව කියන අයකු ගිනි අවියක් පෙන්වා තරුණයකුට මරණ තර්ජන කිරීම හේතුවෙන් හංවැල්ල පොලිසිය අසල නොසන්සුන්කාරී තත්ත්වයක්  ඇති විය

අදාල සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට පැමිණි කහහේන ප්‍රදේශයේ තරුණයෙකුට හංවැල්ල පොලිසිය තුළදී පොලිස් නිලධාරියකු  පහරදීමෙන් පසු පොලිසිය අසලට ප්‍රදේශවාසීන් රැස්වී දැඩි නොසන්සුන්කාරී තත්තවයක් ඇති විය

හංවැල්ල කහහේන ප්‍රදේශයේ ප්‍රධාන විහාරස්ථානයක් ආසන්නයේ වෙනත් පිටත ප්‍රදේශයකින් පැමිණි චීවරධාරියකු ඇතුළු කිහිප දෙනෙකු එක්ව ප්‍රධාන විහාරස්ථානය ආසන්නයේම තවත් විහාර කුටියක් ඉදිකිරීම සදහා ඉඩම් කොටසක් බැලීමට යාමේදී ගම්වාසීන් සමග මතබේදකාරී තත්ත්වයක් හටගෙන ඇති බව පොලිසිය පවසයි

පසුව විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේ පැමිණ තත්ත්වය සමතයකට පත් කොට එම පිරිස පිටත්කර  යැවූ පසු සුළු මොහොතකින් නැවත එම පිරිස රැගත්  වාහන දෙකක් එම ස්ථානයට පැමිණ ඇති අතර එහිදී නැවත ගැටුමක් හට ගෙන ඇති බවද පොලිසිය පවසයි

චීවරධාරියා  සමග පැමිණි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු බව කියන නැමැත්තා තමන් සතුව තිබූ පිස්තෝල වර්ගයේ ගිණි අවිය රැගෙන වෙඩි තබන බවට තර්ජනය කිරීමත් සමඟ ගැටුම්කාරී තත්වය වර්ධනය වී ඇති බව පොලිසිය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *