සෞදි තෙල් පිරිපහදුව වසා දැමෙයි

ඉරානය දිගට හරහට එල්ල කරන ප්‍රතිප්‍රහාරවලින් සෞදි අරාබියේ රාජ්‍ය තෙල් දැවැන්තයා වන අරාම්කෝ (Aramco) සමාගම සිය රස් තනුරා පිරිපහදුව වසා දැමීමට පියවර ගෙන ඇති බව පැවැසෙයි.

එල්ල වූ ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයකින් පසුව මෙම පියවර ගත් බව පැවැසෙයි. සෞදි අරාබියේ ගල්ෆ් වෙරළ තීරයේ පිහිටි මෙම මධ්‍යස්ථානය මැදපෙරදිග පවතින විශාලතම පිරිපහදු මධ්‍යස්ථානයක් වන අතර, එහි දිනකට බොරතෙල් බැරල් 550,000ක් පිරිපහදු කිරීමේ හැකියාව පවතී.

මෙය ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ යෑමට බලපෑමක් ඇති කරාවි යැයි බිය පළ කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *