සෞදි අරාබියේ විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට පැමිණෙයි…

සෞදි අරාබියේ විදේශ කටයුතු අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් අල් සවුද් කුමරු සිය පළමු නිල රාජ්‍ය සංචාරය සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

ෆයිසාල් බින් ෆර්හාන් අල් සවුද් කුමරු එක්දින ද්විපාර්ශ්වික සංචාරයක් සඳහා ඊයේ (13) ශ්‍රී ලංකාවට පැමිණියේය.

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණි ෆයිසාල් කුමරු ශ්‍රී ලංකාවේ අධිකරණ අමාත්‍ය අලි සබ්රි සහ ශ්‍රී ලංකාවේ සෞදි තානාපති අබ්දුල් නසාර් අල්-හර්ති විසින් පිළිගනු ලැබීය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ කොළඹ පිහිටි රාජ්‍ය තානාපති කාර්යාලයේ සේවකයින් පිරිසක් ද එක්ව සිටියහ.

ෆයිසාල් බින් ෆර්හාන් අල් සවුද් කුමරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට නියමිතය.

අද සිය සංචාරය අවසන් කිරීමෙන් අනතුරුව සෞදි විදේශ අමාත්‍යවරයා එදිනම පසුව නේපාලය බලා පිටත්ව යාමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *