සෝනි සමාගමින් විදුලි මෝටර් රථයක්

ලොව පුරා පොසිල ඉන්ධන සම්බන්ධයෙන් මේ වනවිට ඇතිව ඇත්තේ සෘණ ආකල්පයකි. ඒ හේතුවෙන් මෝටර් රථ නිෂ්පාදකයින් මේ වනවිට විදුලි මෝටර් රථ කෙරෙහි වැඩි අවධානයක් යොමුකරන පෙනී යන කරුණකි.

මේ වනවිට, ලොව ප්‍රකට සමාගම් ඒ කෙරෙහි අවධානය යොමු කරන්නේ එමගින් ලබාගත හැකි ව්‍යාපාරික වාසි ගැන සලකමිනි. එම තරගයට අලුතෙන්ම එක්වී ඇති සමාගම ජපානයේ සෝනි සමාගමයි.

විදෙස් මාධ්‍ය පැවසුවේ ඉදිරි මාස කිහිපය ඇතුළත සෝනි සමාගම ඒ සඳහා වෙනම සමාගමක් පිහිටුවීමට නියමිත බවය. එම නව සමාගම Sony Mobility Inc නමින් ලියාපදිංචි කෙරේ.

සෝනි සභාපති කෙනිචීරෝ යොශීඩා පැවසුවේ වාණිජමය වශයෙන් විදුලි මෝටර් රථ නිපදවීම සිය අරමුණ බවය.

මෙම පුවත පළවීමත් සමගම ටෝකිiයෝ කොටස් වෙළෙඳපොළෙහි සෝනි කොටස් මිල 4.2%කින් ඉහළ ගොස් තිබුණි. ඇපල් සමාගමද නුදුරේදීම “විදුලි මෝටර් රථ” නිෂ්පාදනයට අවතීර්ණ වෙතැයි වෙළෙඳපොළ ආරංචිමාර්ග පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *