සොරකම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිසුන්ගේ පරිගණකය තුළ ඔවුන්ගේම අසභ්‍ය දර්ශන

වෙළෙඳසැල් 8ක් බිඳ ලක්ෂ 40කට වැඩි ජංගම දුරකථන, ලැප්ටොප් ඇතුළු භාණ්ඩ සොරාගත් පාසල් ළමයින් තුන් දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ අඟුරුවාතොට, හොරණ, ඉංගිරිය, බුලත්සිංහල යන ප්‍රදේශවල වෙළෙඳසැල් එම සිසුන් විසින් බිඳ එහි භාණ්ඩ සොරාගෙන ඇති බවය.

ඔවුන් හොරණ අධ්‍යාපන කලාපයට අයත් ප්‍රසිද්ධ පාසල් තුනක සිසුන් තිදෙනෙකි.

16 හැවිරිදි වියේ පසුවන එම සිසුන් දොඹගොඩ, බටගොඩ යන ප්‍රදේශවල පදිංචි බව අනාවරණය වී තිබේ.

සිසුන් තිදෙනා ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අත් පොරවක් සන්තකයේ තබාගනිමින්, නින්ජා හිස් වැසුම් පැළඳ යතුරුපැදිවලින් මාර්ගයේ සැරිසරමින් සිටියදීය.

ඒ අනුව සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීමකදී ඔවුන් සිදුකළ සොරකම් පිළිබඳව අනාවරණය වී ඇත.

ඒ අනුව සැකකාර සිසුන් විසින් සොරකම් සඳහා භාවිත කළ යතුරුපැදි 3ක්, සොරකම්කරන ලද ජංගම දුරකථන, ලැප්ටොප් ඇතුළු තවත් භාණ්ඩ රැසක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

සිසුන් සොරකම් කරන ලද පරිගණකයක් තුළ තිබී ඔවුන් විසින් පටිගතකරණ ලද අසභ්‍ය දර්ශන රැසක් ද සොයාගෙන ඇත.

16 වියැති එම සිසුන් තිදෙනා ඇසුරු කළ බව කියන තරුණියන් පිරිසකගේ නිරුවත් දර්ශන ද ඔවුන් සොරාගත් පරිඝනකවල තිබී ඇති අතර ඒ පිළිබඳව  පරීක්ෂණ ක්‍රියාත්මක බව පොලීසිය පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *