සොයිසාපුර වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධව තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

ගල්කිස්ස, සොයිසාපුර ප්‍රදේශයේ පිහිටි හෝටලයකට ඉකුත් 28 වැනිදා ගිනි අවිවලින් වෙඩි තබා පලා යාමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ රත්මලාන ප්‍රදේශයේදීයි.

පෙරේදා (02) දින පස්වරුවේද තවත් සැකකරුවකු රත්මලාන ශ්‍රී ඥාණේන්ද්‍ර පාරේදී අත්අඩංගුවට ගනු ලැබුවේය. ඔහු සිද්ධියට අදාළ හෝටලයේ හිමිකරුගෙන් පළමුවර කප්පම් ඉල්ලපු පුද්ගලයායි. අදාළ සැකකරු ඩුබායිහි සිටින පාතාලා නායක කුඩු අංජුගේ ගෝලයෙක්ද වන බව පොලීසිය ප්‍රකාශ කළේය.

මෙම සිද්ධියට අදාළව මේ වන විට සැකකරුවන් සිව් දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *