ඇමරිකාවෙි

ඇමරිකාවෙි උද්ඝෝෂණ අතරතුර මතුවූ ශ්‍රී ලාංකික යුවතිය

සුදු ජාතික පොලිස් නිලධාරීන්ගේ අඩත්තේට්ටම්වලට ලක්ව මියගිය කළු ජාතික තරුණයකු වන ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණයට විරෝධය දක්වමින් ඇමෙරිකාවේ නගරපුරා විරෝධතා පැවැත්වෙනවා.

බිම වැටී සිටින ෆ්ලොයිඩ්ගේ ගෙල සුදු ජාතික පොලිස් නිලධාරියෙකු විසින් දණහිසින් සිර කරගෙන සිටින විට මරණාසන්න ඔහු “මට හුස්ම ගන්න බෑ.. මාව මරන්න එපා…” යැයි පවසන වීඩියෝවක් සමාජ මාධ්ය තුළ සංසරණය වීම මෙම විරෝධතා අතිශය උණුසුම්කාරී ස්වරූපයක් ගැනීමට හේතු වී ඇත.

ඇමරිකාවෙහි ජීවත් වන ශ්රී ලාංකික සම්භවයක් ඇති තරුණියක් වන මිහිරි වීරසිංහ විසින් මෙම විරෝධතාවයට සහය දක්වමින් පළ කළ ඡායාරූපයක් මේ දිනවල සමාජ මාධ්යය ඔස්සේ සංසරණය වනු දැකිය හැකියි.

කළු ජාතිකයන් මෙලෙස හඬ නැගීම හරහා විදේශයන්හි ජීවත් වන සුදු ජාතිකයන් නොවන සියළු දෙනා ප්රතිලාභ ලබන බවත් මෙම අසාධාරණයට එරෙහි විරෝධතාවයට සහය දැක්වීම ශ්රී ලාංකිකයන් සියල්ලන්ගේම යුතුකමක් බවත් ඇය සිය ෆේස්බුක් සටහනේ දක්වා තිබෙනවා.

Sri Lankan-Americans owe so much to Black Americans who have tirelessly fought for the rights we now benefit from. It is…

Posted by Mihiri Weerasinghe on Saturday, 30 May 2020

Leave a Reply

Your email address will not be published. Required fields are marked *