“සුහදව ඉන්න හැටි ජනපතිගෙන් ඉගෙන ගන්න”

විපක්ෂයේ මන්ත්‍රීවරුන් සමඟ සුහඳව ගනුදෙනු කරන ආකාරය ගැන ජනාධිපතිතුමාගෙන් ඉගෙන ගන්නැයි ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට පවසන බව පත් කළ මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා:- (ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

“වතු කම්කරු ප්‍රශ්නය පඩියට පමණක් සීමා කරන්න එපා.වතු ගෙවල් හය දාහක් දෙසැම්බරයට කලින් හදනවා කිව්වා. හදන්න බැරි වුනා.ප්‍රශ්නයක් නෑ.ලබන අවුරුද්දේ ඒක කරන්න.ගෙවල් දෙදාහක් හදනවා යැයි මේ අවුරුද්දේ කිව්වා.මේවා පරස්පරයි නේ.අනෙක වතුකරයේ තට්ටු නිවාස හදන්න එපා. ඒකට අප විරුද්ධයි.ජනාධිපතිතුමා මන්ත්‍රීවරු එක්ක මිත්‍රශීලීව කතා කරන්න,ගනුදෙනු කරන්න දන්නවා. ඒත් මන්ත්‍රීවරු ඒක දන්නෙ නෑ.ඒක නිසා ජනාධිපතිතුමාගෙන් ඒ සුහදතාවය ගැන ඉගෙන ගන්න” යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *