සුරංජිත් වෙවිත ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස පත් කෙරේ

සුරංජිත් වෙවිත මහතා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) නව සභාපතිවරයා ලෙස පත් කර ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය අඟහරුවාදා (18) නිවේදනය කළේය.

වෙවිත මහතා සිය පත්වීම් ලිපිය විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගෙන් සඳුදා (18) නිල වශයෙන් ලබා ගත්තේය.

බැංකු සහ සංචාරක ක්ෂේත්‍රයන්හි අත්දැකීම් සහිත වෙවිත මහතා සෙලාන් බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකරණ සහ නායකත්ව තනතුරු රැසක් දරා තිබේ. මූල්‍ය කළමනාකරණය, වෘත්තීය සමිති නායකත්වය, සංචාරක ව්‍යවසායකත්වය සහ ආයතනික අර්බුද කළමනාකරණය සම්බන්ධයෙන්ද ඔහුට අත්දැකීම් ඇත.

ඔහු මේ වනවිට සංචාරක සංවර්ධනය සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයෙකු ලෙසත්, සමස්ත ලංකා සංචාරක සේවා සපයන්නන්ගේ සංගමයේ ලේකම්වරයා ලෙසත් කටයුතු කරයි.

මේ අතර, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ (SLTPB) සභාපතිවරයා ලෙස බුද්ධික හේවාවසම් මහතා තවදුරටත් කටයුතු කරනු ඇත.

වෙවිත මහතාගේ නායකත්ව අත්දැකීම්, මූල්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥතාව සහ සංචාරක සංවර්ධනය සඳහා ඇති කැපවීම ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා වැදගත් දායකත්වයක් ලබා දෙනු ඇතැයි අමාත්‍යාංශය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *