විදුලි

සුපර් ඩීසල් ඉන්ධන තොගය හෙට වරායට…

සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 30,000ක් හෙට ගොඩබෑමට නියමිත බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද පැවසීය.

ට්විටර් සටහනක් තබමින් ඔහු කියා සිටියේ දෙවන යූරල් බොරතෙල් භාණ්ඩ තොගය අදින් පසුව පැමිණීමට නියමිත බවයි.

මේ අතර බ්‍රහස්පතින්දා (25) සහ සිකුරාදා (26) අතර තවත් ඔටෝ ඩීසල් භාණ්ඩ ප්‍රමාණයක් පැමිණීමට නියමිත අතර ඔක්ටේන් 92 පෙට්‍රල් තොගයක් සෙනසුරාදා (27) සිට සඳුදා (29) දක්වා පැමිණීමට නියමිතය.

ඊට අමතරව භූමිතෙල් සහ ගුවන් යානා ඉන්ධන බෙදා හැරීම ඊයේ ආරම්භ කළ බවද ඔහු පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *