සීනි පාලන මිල ඉවතට

සීනි සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට තීරණය කර තිබේ.

පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ඒ බව පැවසීය.

සීනි ආනයනකරුවන් සහ මුදල් අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.

සුදු සීනි කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 122ක් ලෙසත්, පැකට් කළ සුදු සීනි කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 125ක් ලෙසත් පාලන මිලක් පනවමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පසුගිය සැප්තැම්බර් 02 වනදා ගැසට් පත්‍රයක් නිකුත් කළේය.

එහිදී ආනයනකරු විසින් අලෙවි කළයුතු සුදු සීනි කිලෝග්‍රෑමයක උපරිම තොග මිල දැක්වුණේ රුපියල් 116ක් ලෙසය.

කෙසේවෙතත් මේ වනවිට වෙළෙඳපොළේ නැවතත් සීනි හිඟයක් මතුවී ඇතැයි පාරිභෝගිකයින් චෝදනා කරයි.

වෙළෙඳුන් පැවසුවේ රජය පැනවූ පාලන මිලට සීනි අලෙවි කළ නොහැකි බැවින් තමන් සීනි මිලදී ගැනීම අත්හිටවූ බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *