සියළු මන්ත‍්‍රීවරුන්ට හිගයකින් තොරව ඉන්ධන…

සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා නාරාහේන්පිට පිහිටි පොලිස් ප්‍රවාහන කොට්ඨාශයට අයත් ඉන්ධන පිරුම් හලෙන් ඉන්න ලබාදෙන ලෙස කතානායකවරයා විසින් පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බවට වන ලිපියක් සමාජ ජාලවල හුවමාරු වෙයි.

ලිපිය අනුව පොලිස්පතිවරයා විසින් අදාළ විෂය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත දැනුම් දී ඇත්තේ ඒ සම්බන්ධව අදාළ කටයුතු සිදුකරන ලෙසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාහන සඳහා ඉන්ධන ලබා දීමේදී මන්ත්‍රීවරයා වාහනයේ සිටිය යුතු බවත් අත්පිට මුදලට පමණක් ඉන්ධන ලබා දෙන ලෙසත් උපදෙස් ලබා දී ඇත.

දැනට පවතින හින්දා ඉන්ධන හිගය පහව යන තෙක් කෙටි කාලයක් සඳහා මෙම ක්‍රියාමාර්ගය අනුගමනය කරන ලෙසද දැනුම් දී තිබේ.

අදාල ඉන්ධන සඳහා මුදල් ලබාගැනීමට තෙල් සංස්ථාවෙන් නිලධාරියෙකු පොලිස් ප්‍රවාහන කොට්ඨාශයේ ඉන්ධනහලට අනුක්ත කරන බව ද බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා දන්වා ඇතැයි ද අදාළ ලිපියේ දැක්වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *