සියලු මංගල උත්සව පරීක්ෂා කිරීමට PHI

සියලු මංගල උත්සව ඉදිරියේ දී පරික්ෂාවට ලක්කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තීරණය කර තිබේ.

එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ, කොවිඩ් -19 සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකරමින් පවත්වන මංගල උත්සව පිළිබඳ තොරතුරු දිගින් දිගටම වාර්තා වන බවය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

“විශාල වශයෙන් පැමිණිලි ලෙස ඡායාරූප විශාල ප්‍රමාණයක් සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය වෙත ලැබිලා තියෙනවා. සෞඛ්‍ය උපදෙස් කඩකරමින් විවාහ මංගල උත්සව පවත්වන ආකාරය සම්බන්ධයෙන්. ඒ නිසා මේ සම්බන්ධයෙන් අපි ඊයේ සහ අද දිනයේ දී විශේෂ අවධානය යොමුකරලා විවාහ මංගල උත්සව රාශියක් මහජන පරීක්ෂකවරු විසින් පෞද්ගලිකව පරීක්ෂාවට ලක්කරා. මේ විවාහ මංගල උත්සවවල තත්ත්වය ඉතාම කණගාටුදායකයි. සෞඛ්‍ය උපදෙස් පිළිපඳින්නේ නැතිව අවධානම් විදියට හැසිරෙනවා. හෙට දිනයේ ඉදලා අපි විවාහ උත්සව සියල්ල පරීක්ෂා කරනවා.මේ පරීක්ෂා කිරීම්වලදී යම් සෞඛ්‍ය කඩකිරීමක් කර ඇතැයි අනාවරණය වුවහොත් විවාහ මංගල උත්සවය සංවිධානය කරපු පුද්ගලයින්ට සහ ඒ ආයතනයේ හිමිකරුවන්ට එරෙහිව නිරෝධායන පනත අනුව නඩු පවරන්න කටයුතු කරනවා. දැනට පවතින තත්ත්වයෙන් නම් දිගටම විවාහ මංගල උත්සව පවත්වන්නේ ඉදිරියේ දී විවාහ මංගල උත්සව ආශ්‍රිතව කොවිඩ් පොකුරු ඇති විය හැකියි.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *