සියලුම පාසල්වල 10 සිට 13 දක්වා ශ්‍රේණි ඇරඹීමට තීරණයක්

දිවයිනේ සියලුම පාසල්වල 10, 11, 12 සහ 13 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම සඳහා කොවිඩ් මර්දන කමිටුවේ නිර්දේශ ලැබී ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව නොවැම්බර් මස 08 වන දින සිට එම ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

සෞඛ්‍ය නිර්දේශ ලද වහාම සියලු පාසල්වල 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට සූදානම් බවද අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

පවතින කාලරාමුව කළමනාකරණය කර අතපසු වූ විෂය නිර්දේශ ආවරණය කිරීමත් විභාග පැවැත්වීමටත් අවශ්‍ය සැලසුම් මේ වනවිට සිදුකරමින් ඇති බවද සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *