සිමෙන්ති හිඟය තවත් මාස දෙකක්

වෙළෙඳපොළේ සිමෙන්ති හිඟය තවත් මාස දෙකක පමණ කාලයක් පවතිනු ඇතැයි සිමෙන්ති ආනයනකරුවන් පවසයි.

විෂය භාර අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවකින් පසු ඔවුන් කියා සිටියේ සිමෙන්ති මිල වැඩිකිරීමක් අපේක්ෂා කරන බවය.

සිමෙන්ති ආනයනකරුවන් සඳහන් කළේ,

“දවස් දෙකකින් මේක නවත්තන්න බෑ. කොහොමත් මාස 2ක කාලයක් යයි. සිමෙන්ති හිඟයට හේතුව ඩොලර් ප්‍රශ්නය. ඒ නිසා මිල පොඩි වැඩිවීමක් වෙන්න පුළුවන්.”

සිමෙන්ති කිලෝග්‍රෑම් 50ක කොට්ටයක මිලද මේ වනවිට රුපියල් 93කින් ඉහළ නැංවීමත් සමග සිමෙන්ති අලෙවි වන්නේ රුපියල් 1,098 කටය.

නමුත් නිසි පරිදි තොග නොලැබෙන බවට හා එසේ ලැබෙන තොගද විවිධ මිල ගණන් යටතේ ලැබෙන බවට වෙළෙඳුන් චෝදනා කරයි.

“එන්නෙත් සිමෙන්ති කොට්ට 100ක් වගේ. විනාඩි 10ක් යනකොට ඒකත් ඉවර වෙනවා.”

මේ හේතුවෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිරත පිරිස්, සිමෙන්ති ගල්, මල් පෝච්චි, උද්‍යාන අලංකරණ ද්‍රව්‍ය නිෂ්පාදකයින්ද මේ වනවිට ආදායම් මාර්ග ඇහිරීම නිසා අසීරුතාවයන් රැසකට මුහුණ පා සිටී.

මෙවන් පසුබිමක සිමෙන්ති ආනයනකරුවන් පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා හමුවිය.

පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා,

“ඉදිරි සති 3ක් ඇතුළත අවශ්‍ය ප්‍රමාණයෙන් වෙළෙඳපොළට සිමෙන්ති ලබාදීමට ආනයනකරුවන් සහ නිෂ්පාදන ආයතන කටයුතු කරනවා කිව්වා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *