සිමෙන්ති කොට්ටයක මිල ඉදිරියේදී රුපියල් 4000 සීමාව ඉක්මවා යනු ඇති බව ශ්රී ලංකා ඉදිකිරීම් සංගමය සඳහන් කරයි.
වැට් බද්ද ඇතුළු බදු වර්ග කිහිපයක් ඉහළ යාමත් සමඟ මෙසේ සිමෙන්ති මිල ඉහල යනු ඇතැයි සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි මහතා පැවසීය.
දැනටමත් රුපියල් තුන්දාහ දක්වා සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 4000 ඉක්මවා ඇති බවද පැවසූ ඔහු බදු ඉහළ යාමත් සමග මෙම මිල ගණන් විශාල වශයෙන් ඉහළ යනු ඇති බව ද කියා සිටියේය.