සිනමා ශාලා හිමිකරුවකු සතුව තිබී ගිනිඅවි, ජීව උණ්ඩ සහ අත්බෝම්බ සොයාගනී

ඔක්තෝබර් 17 වැනිදා කිරිඳිවැල පොලිස් බලප්‍රදේශයට අයත් හංවැල්ල පාර ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී ගිනිඅවි කිහිපයක්, ජීව උණ්ඩ සහ ජීව අත්බෝම්බ සමඟ සිනමා ශාලාවක හිමිකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ දිස්ත්‍රික් අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත මෙම සෝදිසි මෙහෙයුම සිදුකර ඇත.

එහිදී විදේශීය නිෂ්පාදිත පිස්තෝල දෙකක්, රිවෝල්වරයක්, විදේශීය නිෂ්පාදිත රිපීටර් වර්ගයේ ගිනිඅවියක් සහ විදේශීය නිෂ්පාදිත 12 බෝර ගිනිඅවියක් සොයාගෙන තිබේ.

මීට අමතරව, 12 බෝර ජීව උණ්ඩ 398ක්, 16 බෝර ජීව උණ්ඩ 35ක්, මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩ 278ක්, .32 කැලිබර් වර්ගයේ උණ්ඩ 49ක් සහ .22 කැලිබර් වර්ගයේ උණ්ඩ 3,083ක්ද සොයාගෙන ඇත.

එමෙන්ම ජීව අත්බෝම්බ දෙකක්ද මෙහිදී සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු 38 හැවිරිදි මිල්ලතේ ප්‍රදේශයේ පදිංචිකරුවකු බව සඳහන් වේ.

සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ දිස්ත්‍රික් අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *