LK reports news sinhala

සිංහයා වෙනුවට කැස්බෑවා ආ හැටි අර්ජුන විමසයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීමේදී ක්‍රීඩකයින්ගේ නිල ඇඳුමින් සිංහයා ඉවත්කර කැස්බෑවකු ඇතුළත් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව හිටපු ක්‍රිකට් නායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා ඊයේ(31) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

මෙතෙක් කලක් ශ්‍රී ලංකාවේ සංකේතය වුණේ සිංහයා බවත් කැස්බෑවකු ඇතුළත් කර ඇත්තේ පරිසරය සුරැකීමේ අරමුණ වෙනුවෙන් පෞද්ගලික ආයතනයක් ඉදිරිපත්වීමෙන් බවත් රණතුංග මහතා ප්‍රකාශ කර ඇති අතර නමුත් ‍මේ අරමුණ කෙසේ වෙතත් සිංහයා ඉවත් කිරීම නුසුදුසු බවත් ප්‍රකාශ කළේය.

ක්‍රිකට් ක්‍රීඩාවට වර්තමානයේ දී විවිධ පුද්ගලයින් මැදිහත්වීම නිසා සිදුවී ඇති විනාශය සම්බන්ධයෙන් ද අර්ජුන රණතුංග මහතා අදහස් දක්වා සිටියේය.

(Image – hindustan times)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *