සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අවලංගු කළ නිසා ජපන් ආයතනය බිලියන 5ක මුදලක් ඉල්ලයි

කොළඹ නගරය සඳහා යෝජිත සැහැල්ලූ දුම්රිය ව්‍යාපෘතිය (LRT) පසුගිය වර්ෂයේදී රජය මගින් අවලංගු කිරීම නිසා එම ව්‍යාපෘතියේ මෙතෙක් කෙරුණු වැඩ කටයුතු වලට අදාළව රුපියල් බිලියන 5 ක මුදලක් එම ඉදිකිරීම් භාර ජපන් ආයතනය විසින් ශ‍්‍රී ලංකා රජයෙන් ඉල්ලා ඇත.

මෙම ව්‍යාපෘතිය ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ (JICA) අනුග‍්‍රහයෙන් යහපාලන රජය මගින් 2019 දී දියත් කරන ලද අතර 2019 දී රජය සහ ජයිකා සංවිධානය අතර මූලික වියදම් සඳහා වූ ගිවිසුම්ද අත්සන් කෙරිණි. එහිදී එම ව්‍යාපෘතියේ මුල් කොටස සඳහා ජපානයෙන් යෙන් බිලියන 30 ක (ඩොලර් මිලියන 285) ණයක් ලබා ගැනීම සඳහා ද ගිවිසුම් අත්සන් කෙරිණි.

යෙන් බිලියන 246,641ක මුදලක් සම්පූර්ණ ව්‍යාපෘතිය සඳහා වැය කිරීමට නියමිත වූ අතර ගිවිසුම් අත්සන් කරන ලද වහාම ව්‍යාපෘතියේ මූලික වැඩ ආරම්භ කරන ලද්දේ දෙරටේම ඉංජිනේරුවන් සහ ගෘහ නිර්මාණ ශිල්පීන්ගෙන් සමන්විත ඒකාබද්ධ ආයතනයක්ද පිහිටුවමිනි. සැහැල්ලූ දුම්රිය ව්‍යාපෘතිය සඳහා අවුරුදු හතක කොන්ත‍්‍රාත්තුවක් අත්සන් කරන ලද අතර එය සිදුකර තිබුණේ එවකට නාගරික සංවර්ධනය භාරව සිටි පාඨලී චම්පික රණවක ඇමැතිවරයාගේ මෙගාපොලිස් අමාත්‍යාංශය සමඟය.

කෙසේ වෙතත් පසුගිය වසරේ සැප්තැම්බරයේදී මේ ව්‍යාපෘතිය අවලංගු කරන ලෙස ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර මහතා උපදෙස් දී තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *