සැප්තැම්බර් මාසයේ සිට රාජ්‍ය විශ්වවිද්‍යාල යළි විවෘත කිරීමට පියවර…

දිවයින පුරා විශ්වවිද්‍යාල යළි විවෘත කිරීමට පියවර ගන්නා බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) නිවේදනය කරයි.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසුවේ සැප්තැම්බර් මාසයේදී සියලුම විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු යළි ආරම්භ කරන බවයි.

මේ වන විට රට තුළ පවතින සාමාන්‍ය තත්ත්වය පිළිබඳ හැඟීම හේතුවෙන් මෙම තීරණයට එළඹි බව මහාචාර්ය සම්පත් අමරතුංග මහතා වැඩිදුරටත් පැවසීය.

රටේ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් සිසුන්ගේ සහ අධ්‍යයන කාර්ය මණ්ඩලයේ ප්‍රවාහනයට දැඩි බලපෑම් එල්ල වීම හේතුවෙන් රාජ්‍ය විශ්වවිද්‍යාල තාවකාලිකව වසා දැමුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *