සාමකාමී විරෝධතා සඳහා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ලබා දිය යුතු බව කැනඩාව පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ කැනඩා මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනන් මහතා අතර සාකච්ඡාවක් අද පැවැත්වුණේ ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික සහ දේශපාලන අර්බුදය, මහජනතාව මුහුණ දෙන දුෂ්කරතා ඇතුළු කරුණු පිළිබඳවයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මැක්කිනන් පැවසුවේ, සාර්ව ආර්ථික ස්ථාවරත්වයට සහ වර්ධනයට ඉක්මනින් නැවත පැමිණීමට හැකි වන පරිදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ප්‍රතිපත්තිවලට අනුකූලව ශ්‍රී ලංකාවට සහාය වීමට කැනඩාව කැපවී සිටින බවයි.

සාමකාමී, සංහිඳියා සහ සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් සඳහා අවශ්‍ය දේශපාලන හා ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා කැනඩාව දැඩි ලෙස සහාය දක්වයි.

විශේෂයෙන්ම මෙම සංවේදී අවස්ථාවේදී සාමකාමී විරෝධතා දැක්වීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට රට පුරා ගරු කළ යුතු බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය, අනෙකුත් ආයතන සහ කැනඩා අරමුදල හරහා ඖෂධ ලබා ගැනීමට සහ ආහාර සුරක්ෂිතතාව ශක්තිමත් කිරීමට අඛණ්ඩව සහය ලබා දීම ඇතුළුව කැනඩාව මෙම අර්බුදය තුළ ශ්‍රී ලාංකිකයින්ට අඛණ්ඩව සහාය දෙන බව කැනඩා මහ කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *