සර්වපක්ෂික අරගලකරුවෝ කරුණු 04කින් යුත් යෝජනාවන් ඉදිරිපත් කරයි.

සර්වපක්ෂ අරගලකරුවෝ කරුණු 04කින් යුත් යෝජනාවක් ඉදිරිපත් කරයි ‘ගෝඨාගෝහෝම්’ ජන අරගලයට සහය දක්වන සිවිල් සංවිධානයක් වන සර්වපක්ෂ අරගලකරුවෝ විසින් ‘අරගල ජයග‍්‍රහණයේ ජන සංගණන’ මහා සමුළුව ඊයේ කොළඹදී සංවිධානය කරන ලදී.

ගාලු මුවදොර විරෝධතා භූමියේ විරෝධතාකරුවන් ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක්, සිවිල් සංවිධාන, වෘත්තීය සමිති සහ මහජනතාව මෙම සමුළුවට සහභාගී විය.

ජුලි 09 වැනිදා පැවැත්වීමට නියමිත මහජන විරෝධතාවයට විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ මහජනතාව ඇතුළු සමාජයේ බහුතර පිරිසකගේ සහයෝගය ලබාගැනීමේ අරමුණින් මෙම සමුළුව පැවැත්විණි.

මෙම සමුළුවේදී සර්වපක්ෂික අරගලකරුවෝ කරුණු 4කින් යුත් යෝජනාවක් ද ඉදිරිපත් කළහ.

සමගි ජන බලවේගය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිස්ස අත්තනායක, දයාසිරි ජයසේකර ඇතුළු විපක්ෂයේ දේශපාලනඥයන් රැසක් මෙම සමුළුවට එක්ව සිටිනු දක්නට ලැබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *