“සයිනොෆාම්” එන්නත ඉදිරි දෙසතිය ඇතුළත මෙරටට

චීනය විසින් නිෂ්පාදිත “සයිනොෆාම්” කොවිඩ් මර්දන එන්නත ඉදිරි දෙසතිය ඇතුළත මෙරටට ගෙන ඒමට අපේක්ෂා කරන බව ඖෂධ නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය ජන්න ජයසුමන මහතා පවසනවා. “සයිනොෆාම්” කොවිඩ් මර්දන එන්නත මෙරට හදිසි භාවිතය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ විශේෂඥ කමිටුව විසින් අවසරය ලබා දී ඇති බවයි ජයසුමන මහතා පවසන්නේ.

වැඩිදුරටත් අදහස් දැක්වූ චන්න ජයසුමන මහතා මෙසේ පවසා සිටියේය.

“චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් ප්‍රදානයක් ලෙසින් චීනයෙන් මෙරටට ලැබෙනවා. ඒ වගේම චීන එන්නත හා ඉන්දීය එන්නත් කලවම් කිරීමකින් තොරව පටලවා ගන්නේ නැතිව ලබා දෙන්න අවශ්‍ය තාක්ෂණික දැනුම අපට තියෙනවා. ඒ වගේම නිශ්චිත සැලසුමක් අපට තියෙනවා. ඒ නිසා මෙම එන්නත ලබා දීමේදී මින් පෙර ලබාදුන් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත සමග ගැටලුවක් ඇති නොවෙන ආකාරයට ලබා දීමට සෞඛ්‍ය අංශ කටයුතු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *