සමාජ ශාලා වටලා රටබීම අල්ලයි

සුරාබදු බලපත්‍ර නොමැතිව බත්තරමුල්ල හා තලවතුගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය රාත්‍රී සමාජ ශාලා තුනක් වටලා  රටබීම ලීටර 793 ක් අත් අඩංගුවට ගත් බව පාදුක්ක සුරාබදු කාර්යාලය පවසයි.

ලද තොරතුරු මත අධිකරණ නියෝග මත මෙම රාත්‍රි සමාජ ශාල වැටලීම සිදු කර තිබුණි. අත් අඩංගුවට ගත් රටබීම රාජ සන්තක කර විනාශ කිරිමට නීයෝග ලබා ගැනීමට නියමිත වේ.

මෙම වැටලීම් බස්නාහිර පළාත් 1 සුරාබදු කොමසාරිස් ජයන්ත ද සිල්වා මහතාගේ හා කොළඹ නගරය II සුරාබදු අධිකාරී පී.එන්. හේමන්ත මහතාගේ අධික්ෂණය හා උපදෙස් මත පාදුක්ක සුරාබදු ස්ථානාධිපති ඒ.ආර්. ලැම්බර් ට් මහතාගේ සහභාගීත්වය යටතේ පාදුක්ක සුරාබදු ස්ථානයේ නිළධාරින් වන සුරාබදු පරීක්ෂක සංජීව මාන්න උතුම්, රුචිර සූරියසිංහ, කාන්තා සුරාබදු මහ සැරයන් දේවිකා නිලන්ති, සුරාබදු සැරයන් සමරනායක, සුරාබදු කොප්‍රල්වරුන් වන මාරසිංහ, ධනුක චන්ද්‍රකුමාර, අනිල් වීරසිංහ, කසුන් හේවගේ, සමීර බංඩාර හා සුරාබදු රියදුරන් වන ශෂික රණතුංග, දුමින්ද යන නිළධාරීන් විසින් සිදු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *