සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ වීඩියෝවකින් කාන්තාවකට පහරදීම සම්බන්ධයෙන් සැමියා සහ බිරිඳ පොලිසිය අත්අඩංගුවට

පෞද්ගලික ආයතනයක් තුළදී කාන්තාවකට පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වීමත් සමඟ 36 හැවිරිදි අඹුසැමි යුවළක් කඳාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කඳාන, නාගොඩ, ආනියකන්ද පාරේ පිහිටි පෞද්ගලික ආයතනයකදී පසුගිය ඔක්තෝම්බර් 3 වනදා මෙම සිද්ධිය සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

පොලිස් හදිසි ඇමතුම් අංක 118 ට ලැබුණු තොරතුරක් මත පොලිසිය පරීක්ෂණ ආරම්භ කළේය.

ඒ අනුව ඊයේ රාත්‍රියේ කඳාන පොලිසිය විසින් මෙම සැකකරුවන් නාගොඩ ලිප්ටන් පාරේදී අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු පහරකෑමට ලක්වූ කාන්තාවගේ සමීපතම ඥාතියෙකු බව විමර්ශනවලදී අනාවරණ වුණා.

සැකකාර සැමියා සහ බිරිඳ අනියකන්ද ප්‍රදේශයේ අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ වෙළඳාම් කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් ඇති අතර, පහරකෑමට ලක්වූ කාන්තාව වසර 3ක පමණ කාලයක සිට මෙම ඥාති නිවසෙහි රැඳී සිට අදාළ ආයතනයේ සේවය කරන බව විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

පහරකෑමට ලක්වූ කාන්තාව මෙම පහරදීම සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර තිබුණේ සැකකාර යුවළ ඥාතීන් වීම හේතුවෙන්.

කෙසේ වෙතත්, සිද්ධියට අදාළ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය සහ රූපවාහිනිය ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟ ඇය මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කිරීමට තීරණය කළ බවයි පොලිසිය පවසන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *