සමාජ ආරක්ෂණ දායක බද්ද (SSCL) අද, 2022 ඔක්තෝබර් 1 වැනි දින සිට ක්රියාත්මක වේ.
මේ මස මුලදී සමාජ ආරක්ෂණ දායකත්ව අයකිරීමේ පනත් කෙටුම්පත සංශෝධන සහිතව වැඩි ඡන්ද 81 කින් පාර්ලිමේන්තුවේදී සම්මත විය.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් සමාජ ආරක්ෂණ දායක මුදල් අය කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ සහතිකය පසුගිය සතියේ (21) අනුමත කරන ලදී.
2022 අයවැය මගින් කොවිඩ් 19 වසංගතයෙන් බැට කෑ රාජ්ය ආදායම ඉහළ නැංවීමට සහ ආර්ථිකය යළි ගොඩනැගීමේ පියවරක් ලෙස සමාජ ආරක්ෂණ දායක බද්ද හඳුන්වා දෙන ලදී.
ආනයනකරුවන්, නිෂ්පාදකයින්, සේවා සපයන්නන්, තොග වෙළෙන්දන් සහ සිල්ලර වෙළෙන්දන් සඳහා වාර්ෂික පිරිවැටුම රු. මිලියන 120 කි. මෙම බද්දෙන් වසරකට අපේක්ෂිත ආදායම රු. බිලියන 140 කි.
2022 අංක 25 දරන සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත ලෙස පනත් කෙටුම්පත බලාත්මක වන බව ශ්රී ලංකා පාර්ලිමේන්තුව ප්රකාශ කළේය.