සමගි ජන බලවේගයේ ආණ්ඩුවක් හා ජනාධිපතිවරයෙක් බිහි කරනවා – සජිත් කියයි

“අභියෝග ජය ගන්නට එකට සිටගමු” යන තේමාව යටතේ සමගි ජන බලවේගයේ පළමු සංවත්සරය ඊයේ (15) කොළඹ හයිඩ් පිටියේදී පැවැත්වුණි. එම උත්සවයේදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියේ සමගි ජන බලවේගය විසින් ඉදිරි මහ මැතිවරණවලදී පොදුජන ජනපතිවරයෙක් සහ පොදුජන ආණ්ඩුවක් බිහි කරන බවයි.

සමගි ජන බලවේගය නමැති දේශපාලන පක්ෂය අලූතින් පිහිටුවා වසරක් තුළ මෙරට දේශපාලන ප‍්‍රවාහයේ ප‍්‍රධානතම විපක්ෂය බවට පත්වී වාර්තාවක් තැබුවා සේ ඉදිරියේදී තවත් වාර්තාවක් තබමින් එම පක්ෂයේ ආණ්ඩුවක් මෙන්ම ජනාධිපතිවරයෙක්ද පත් කර ගන්නා බව සජිත් ප්‍රේමදාස මහතා ප‍්‍රකාශ කළේය.

එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්වී නව පක්ෂයක් නිර්මාණය කරන ලද්දේ ඩීල් දේශපාලනය ඉවත් කිරීමට බවත්, සමගි ජන බලවේගය මෙරට සුවහසක් ජනතාවගේ පොදුජන පක්ෂය බවට පත් කරන බවත් ඔහු උත්සව සභාව අමතමින් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *