සතොස ප්‍රවාහන අංශයේ පාඩුව ඉකුත් වසර 04 දි කෝටි 26 පැනලා

සමුපාකාර තොග වෙළද සංස්ථාවේ ප්‍රවාහන අංශය දිගින් දිගටම  පාඩු ලබමින් පවතින අතර  ඉකුත් වසර හතර තුල (2019 සිට 2022)  රුපියල් විසිහය කෝටි, හැත්තෑතුන්ලක්ෂ,දා හතරදහස්, නමසියතිස් දෙකක (267,314,932)  පාඩුවක් ලබා ඇති බව  ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.

2022 වර්ෂය තුල පමණක්  සමුපාකාර තොගවෙළද සංස්ථාවේ ප්‍රවාහන අංශය  ලබා ඇති අලාභය රුපියල්  හත්කෝටි,පනස්එක්ලක්ෂ,හතලිස්තුන්දහස්,හත්සියඅසුහතකි (75,143,787)  2021 වර්ෂයට සාපේක්ෂව 2022 වර්ෂයේ සතොස ප්‍රවාහ අංශය ලබා ඇති අලාභය  රුපියල්  දෙකොටි,පනස්එක්ලක්ෂ,විසිහතරදහස්,නමසිය හතලිස්නමයකින් (25,124,949) වැඩිවි ඇත. සතොස ප්‍රවාහන අංශය  2019 වර්ෂයේ දි රුපියල් හයකෝටි,අනුහත්ලක්ෂ,හතලිස්දෙදහස්,අටසියහටතුනක(69,742,863) අලාභයක් සහ 2020 වර්ෂයේ දි  හත්කෝටි,විසිහතරලක්ෂ,නමදහස්හාරසියහතලිස්හතරක (72.409,444) පාඩුවක් ලබා ඇති බව විගණන වාර්තාවේ  සදහන් වේ.

අරමුණු  කාර්යක්ෂමව හා පලදායිව ඉටුකරගතයුතු බැව් විගණනය මගින් නිර්දේශකොට ඇත. මේ සදහා  සමුපාකාර තොග වෙළද සංස්ථාවේ කළමණාකාරිත්වය විසින්  විගණනයට පිළිතුරු සපයා නොතිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *