සත්ව මස් සමඟ කපුවා අල්ලයි

අනුරාධපුර පුජා භුමියේ ප්‍රධානතම ආගමික ස්ථානයක ප්‍රධාන කපුවා වනසතුන්ගේ මස් තොගයක් සමග  වනජිවි දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මේසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ,විහාරබුලන්කුලම පදිංචි 49 හැවිරිදි කපුවෙකි.

කැබැල්ලාමස්,ඉබිමස්,මීමිනි මස් කිලෝ හයකට ආසන්න ප්‍රමාණයක්ද ඉබි බිත්තර 14ක්.ගල් ඉබ්බන් 06 දෙනෙකු හා ඇත් දළයෙන් කළ පළදනාවක් මෙම කපුවාගේ නිවසේ තිබියදි වනජීවි නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

තමන්ට කිසිවෙකු විසින් හුනීයමක් සිදුකර ඇති බැවින් එම හුනීයම ඉවත් කිරිම සදහා පුජාවක් කිරිමට තමන්ට හිතවත් අයෙකු විසින් මෙම මස් හා කිරි ඉබ්බන් ලබාදුන් බව කපුවා විසින් ප්‍රකාශ කළ බව වනජීවි නිලධාරිහු පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *