සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ මහත්මිය පවසන්නේ සති දෙකක කාලයක් රැකියාවෙන් ඉවත් වන බවයි.
අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ලිපියක් යවමින් ඇය ඉල්ලා ඇත්තේ කඩාකප්පල්කාරීන් සහ වංචාවන්ට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසයි.
වත්මන් අධ්යක්ෂ ජනරාල් ෂර්මිලා රාජපක්ෂ මහත්මිය ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් පසුගිය අඟහරුවාදා විරෝධතා ව්‍යාපාරයක් දියත් කිරීමෙන් අනතුරුව සත්වෝද්‍යාන සේවකයින් ඊයේ සිය රාජකාරි ආරම්භ කළා.
සිය ඉල්ලීම් සම්බන්ධයෙන් සොයා බලන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොරොන්දු වීමත් සමඟ කම්කරුවන් සිය තෙදින විරෝධතාව අවසන් කළේය.
මේ අතර සත්වෝද්‍යාන අධ්යක්ෂ ජනරාල් ෂර්මිලා රාජපක්ෂ මහත්මියගේ සති දෙකක වැඩ තහනම් කර ඇති බව දිනමිණ රාජ්‍ය පුවත්පත වාර්තා කළේය.