සජිත් – අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීති ශිෂ්‍ය සංගමයේ සභාපති නවෝද් රත්නසේකර මහතා පැවැසුවේය.

ඊට අවශ්‍ය   සියලුම පහසුකම් සැපයීමට තම සංගමය සුදානම් බවත් ශ්‍රී ලංකා නීති ශිෂ්‍ය සංගමයේ සභාපති නවෝද් රත්නසේකර මහතා පැවැසුවේය.

ඒ බව දන්වමින් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක, ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස යන මහත්වරුන් වෙත ලිපියවා තිබෙන බවද එම සංගමයේ සභාපති නවෝද් රත්නසේකර මහතා ප්‍රකාශ කළේය.

විවාදය මගින් ශ්‍රී ලංකාව මුහුණදී ඇති අභියෝග ජය ගැනීමට තමන් ඉදිරිපත් කරන ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව ජාතික ජන බලවේගයේ සහ සමගි ජන බලවේගයේ නායකයන්ට මහජනතාව දැනුවත් කිරීමට අවස්ථාව ලැබෙන බව නීති ශිෂ්‍ය සංගමය සභාපතිවරයා පැවැසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *