සජබයෙන් විශේෂ තීරණයක්

ලබන වසරේ දී ඕනෑම මැතිවරණයකට මුහුණදීම සඳහා පොදු සන්ධානයක් ගොඩනැගීමේ බලය පක්ෂ නායක වෙත ලබා දීමට  කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තීරණය කළ බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා පවසයි.

ඔහු සඳහන් කළේ, ඉදිරි වර්ෂය සඳහා ජනතාවගේ ගැටලු විසඳීම සඳහා වැඩපිළිවෙළ රැසක් ද සංවිධානය කර ඇති බවයි.

එම රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මන්ත්‍රීවරයා සඳහන් කළේ, ජී.එල් පීරිස් මහතා වෙත අගමැති ධුරය ලබා දීම සම්බන්ධයෙන් මේ වන තෙක් සාකච්ඡා කර එකඟතාවකට පැමිණ නොමැති බවයි.

මේ අතර, සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් සංවිධායකවරයෙකු වන අමිත බණ්ඩාර මහතා පක්ෂයෙන් නෙරපා හැරීම සඳහා සජිත් ප්‍රේමදාස මහතා ගත් තීරණයට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඒකමතික අනුමැතිය හිමි ව තිබේ.

මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීමේ චෝදනාවට පොලිස් අත්අඩංගුවට පත්වීම හේතුවෙන් සමගි ජන බලවේගය ඔහුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමටත් දිස්ත්‍රික් සංවිධායක ධුරයෙන් ඉවත් කිරීමටත් තීරණය කර තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *