සංවිධානාත්මක අපරාධකරුවෙකු වන අලිවත්තේ අසිත අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන අලිවත්තේ අසිත නැමැත්තා මට්ටක්කුලිය පොලීසිය මගින් ඊයේ දිනයේදී අත්අඩංගුවට ගෙන ඈත.

වත්තල ප්‍රදේශයේ ඔහු තාවකාලිකව පදිංචිව සිටි නිවසක තිබී ජීව අත්බෝම්බයක් ද පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන ඇත.

පසුගිය 28 වනදා සිදුවූ මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ බවට සැක කෙරෙන අදාළ සැකකරු ග්‍රෑන්ඩ්පාස්, මෝදර සහ මට්ටක්කුලිය ප්‍රදේශවල පසුගිය කාලයේ සිදුවූ අපරාධ රැසක් සම්බන්ධයෙන් ද පොලීසියට අවශ්‍ය කර සිටි සැකකරුවෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *