සංචාරක ගමනාන්ත, උද්‍යාන, කඳවුරු භූමි සහ සියලු සංචාරක බංගලා වසා දැමීමට තීරණය කරයි

සංචාරක ගමනාන්ත, උද්‍යාන, කඳවුරු භූමි සහ සියලු සංචාරක බංගලා වසා දැමීමට තීරණය කර ඇත.

වනජීවි අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා සඳහන් කළේ පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වයේ අවදානම සැලකිල්ලට ගනිමින් නැවත දැනුම්දෙන තුරු අදාළ ස්ථාන සංචාරකයින් සඳහා විවෘත නොකරන බවය.

වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් සියලු සංචාරක නිවාස, වන නිවහන් පසුගිය 5වන දින සිට ක්‍රියාත්මක වන පරිදි වසා දැමීමට ද පියවර ගනු ලැබීය.

මේ අතර ශ්‍රී ලංකා වරාය භාවිත කරන්නන් සඳහා නිකුත් කරන තාවකාලික හා වාර්ෂික බලපත්‍ර මින් ඉදිරියට නිකුත් කිරීම සිදුකරනු ලබන්නේ මාර්ගගත ක්‍රමයට පමණක් බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම අධිකාරිය පෙන්වා දෙන්නේ මැයි මස පළමු වනදා සිට මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *