සංචරණ සීමා පිළිබඳව නව තීරණය

දැනට පනවා ඇති සංචරණ සීමා එළඹෙන සඳුදා උදෑසන 4ට ඉවත් කිරීමට තීරණය කර තිබේ.

නැවතත් සංචරණ සීමා පනවනු ලබන්නේ 23වන දා රාත්‍රී 10ට බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

එසේ පැනවෙන සංචරණ 25 වන දා උදෑසන 4 තෙක් ක්‍රියාත්මක වන බව ද ඔහු කියා සිටියේය.

සංචරණ සීමා ලිහිල් කළ කාලය තුළ පළාත් අතර සංචරණය සීමා කිරීම එසේම බලපැවැත්වෙන බව ද යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම මහජන රැස්වීම්, පොදු ස්ථානවල එකතුවීම හා උත්සව පැවැත්වීම ද එම කාලයේ දී තහනම් වන බව ද යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර රාජ්‍ය සේවකයින් සිය රාජකාරි ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ ඉදිරියට සිදුකළ යුතු බව ද යුද හමුදාපතිවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *