ඉරිදා (ඔක්තෝබර් 11) නිකවැරටියේ පැවති ජන රැලියක් අමතමින් ජනාධිපතිවරයා කියා සිටියේ රජයේ පළමු අයවැය මගින් දැනටමත් රාජ්‍ය සේවක වැටුප් ඉහළ නංවා ඇති බවත්, ලබන වසරේ ආරම්භයේදී තවත් වැටුප් වැඩිවීමක් ක්‍රියාත්මක කරන බවත්ය.
සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සහ රජයේ සේවා සැපයීම වැඩිදියුණු කිරීම සඳහා රාජ්‍ය සේවය ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය බව ද ජනාධිපතිවරයා පැවසීය.
ගුරුවරුන්, පොලිස් නිලධාරීන් සහ ග්‍රාම නිලධාරීන් ඇතුළු නව රාජ්‍ය සේවකයන් 121,000ක් බඳවා ගැනීමට ද රජය සැලසුම් කර ඇති බව ඔහු නිවේදනය කළේය.
එම බඳවා ගැනීම් දේශපාලන පත්වීම් මත නොව විභාග සහ සම්මුඛ පරීක්ෂණ මගින් සිදු කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
මීට අමතරව, ග්‍රාම නිලධාරීන්ගේ දීමනා, පිරිවෙන් ආයතන සඳහා ලබාදෙන දීමනා සහ ගුරු පුහුණුව ලබන අයගේ දීමනා ඉහළ නැංවීමට ද සැලසුම් කර ඇති බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
රටේ සංවර්ධනය සඳහා ශක්තිමත් හා කාර්යක්ෂම රාජ්‍ය සේවයක් අත්‍යවශ්‍ය බව ද ඔහු අවධාරණය කළේය.


