සංචරණය සීමා කිරීම උපරිමයෙන් කළ යුතුයි

කොවිඩ් ආසාදිතයින් දිනකට 1800ක් පමණ හඳුනාගන්නා විට සමාජයේ රෝගීන්ගේ ගණන දෙගුණයකින් හෝ තෙගුණයකින් ඉහළ යන තත්ත්වයක් ඇති බව විශේෂඥ වෛද්‍ය පද්මා එස්. ගුණරත්න මහත්මිය පැවසුවාය.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය පද්මා එස්. ගුණරත්න මහත්මිය අද  පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කරමින් ඒ බව සඳහන් කළාය.

“අපි දිනකට රෝගීන් 1800ක් විතර හඳුනා ගන්නා විට සමාජයේ මේ රෝගීන්ගේ ගණන දෙගුණ හෝ තෙගුණ වෙනවා. රෝගීන්ගේ ඇඳන් ඉඩකඩ ඉතාමත් සීඝ්‍රයෙන් අඩුවෙමින් යනවා. දැඩි සත්කාර ඒකක පිරෙමින් යනවා. කායික වෛද්‍ය විශේෂඥවරු පවසන ආකාරයට මේ අලුත් ප්‍රභේදයේ වේගවත් ව්‍යාප්තියත් එක්ක පවුලේ එක් අයෙකුට මේ වෛරසය ආසාදනය වුණාම පවුලේ අනෙක් සියලුදෙනාටම වගේ ඒ වෛරසය ආසාදනය වෙලා තියෙන්නේ. අත්‍යවශ්‍ය සේවා පමණක් පවත්වාගෙන සංචරණ සීමා උපරිම ක්‍රියාමාර්ග මේ අවස්ථාවේ රජය විසින් ගතයුතුයි.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *