සංචරණය

සංචරණය ගැන ජනතාවට දැනුම්දීමක්

ඉදිරි සති අන්තයේ අනවශ්‍ය සංචරණවල යෙදීමෙන් වැළකී සිටින ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා මේ බව සඳහන් කළේය.

“ඉදිරි දින කිහිපය තුළත් දීර්ඝ නිවාඩුවක් ලැබෙනවා. බොහෝදෙනෙක් සමහරවිට සිකුරාදා නිවාඩු දමලා විවිධ ගමන්බිමන් යෑමට මේ වන විටත් සැලසුම් කරලා ඇති. පළමුවෙන් ම මම කියන්නේ මෙවැනි අවස්ථාවක අපි දන්නා දෙයක් තමා වැඩිදෙනෙක් මෙවැනි ගමන් සඳහා පෙළඹෙන අවස්ථාවක අපිත් ඒකට සම්මාදම් වුණොත් තවත් එක්කෙනෙක් ගෙන් හරි ඒකට එකතුවීමක් පමණයි සිද්ධවෙන්නේ. ඒ නිසා මෙම අවස්ථාවේ එවැනි ගමන්බිමන්වලින් වැළකී සිටීමට පුළුවන් හැමදෙනෙක් ම එයින් වැළකී සිටිම වැදගත් වෙනවා. ඒ වගේම තමා යම් ආකාරයකට අත්‍යාවශ්‍ය හේතුවක් මත ගමන් බිමන් යෙදෙනවා නම්  පුද්ගලයින් එක්වන ස්ථාන වෙතට යනවා නම් එම ස්ථානවල ජනතාව පිරි සිටිනවා නම් එම ස්ථානවලට යෑමෙන් වැළකී වෙනත් නිස්කලංක තැනක තමන්ගේ නිවාඩුව ගත කරලා කටයුතු කිරීම මේ මොහොතේ වැදගත් වෙනවා. මේ මොහොතේ  අනවශ්‍ය සංචරණයෙන් වැළකී සිටින්න කියලා සියලුදෙනාගෙන් ම ඉල්ලා සිටිනවා.”

මේ අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ, මේ වන විට රට තුළ කොවිඩ් වෛරස ව්‍යාප්තියේ යම් වර්ධනයක් පෙන්නුම් කරන බවය.

“මෙවර රට එකවර නිදහස් කළේ නෑ. නමුත් අපි දැක්කා රට නිදහස් නොකරා ට නිරෝධායන ඇඳිරිනීතියේ අවසන් කාලයේ ත් මහජනතාව නිරෝධායන ඇඳිරිනීතියවත් පිළිපඳින්නේ නැති තැනට තල්ලුවෙමින් තිබුණා. ඒ නිසා අපි දැක්කා පළාත් සංචාරණ සීමා තියෙද්දි දීර්ඝ සති අන්තය කොහොම ද නිවාඩු ගත කළේ කියලා. ඒ නිසා දැනට පේන්න තියෙන බිමේ තියෙන තත්ත්වය තමයි අපි නිරෝධායන නීති දැම්මත් නැතත් මහජනතාව මේවා ආරක්ෂා කිරීමේ බරපතළ ගැටලුවක් තියෙනවා. දේශපාලන භේදයකින් තොරව හා සියලූම සමාජ කණ්ඩායම්වල වගකීමක් තියෙනවා මේ නිරෝධායන නීති සහ සෞඛ්‍ය උපදෙස් පිළිපඳින්න. අපි ඉල්ලන්නේ සියලුම පක්ෂවලින්, සියලුම සමාජ කණ්ඩායම්වලින් හා සමාජ ක්‍රියාකාරීන්ගෙන් මේ මොහොතේ අපි යන්තම් හිස ඔසවාගෙන එන වෙලාව වුවත් නැවතත් අනෙක් පැත්තට රතු එළි දල්වමින් තියෙනවා රෝගය වැඩිවීමේ. ඒ වැඩිවීම තේරුම් අරගෙන තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍ර වගේම පිටුපසට කල්තියලා ජනතාවගේ ජීවිත ආරක්ෂාව ගැන වගකීමෙන් කටයුතු කරන්න කියලා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *